ඊශ්රායලයට එරෙහිව දකුණු අප්රිකාව ජාත්යන්තර අධිකරණයට
දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට සූදානම් වනවා.
ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් හරහා ජන සංහාරයක් සිදුවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලීමක් කරන බවයි දකුණු අප්‍රිකාව සදහන් කරන්නේ.
1948 වසරේ ජන සංහාර සම්මුතිය උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය කටයුතු කරන බව දකුණු අප්‍රිකාව පවසනවා.
ගාසා ජනතාව සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමට උත්සාහ කිරීම අපරාධයක් බවත් ගාසා තීරය තුළ සිදුකෙරෙන යුද මෙහෙයුම් අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් දකුණු අප්රිකාව ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා සිටිනු ඇති.
රටවල් අතර හටගන්නා ආරවුල් විසදීමට ජගත් සංවිධානය ස්ථාපිත කළ ආයතනයක් ලෙස ජාත්‍යන්තර අධිකරණය හැදින්විය හැකියි.
***විදුර/14.33/ගිහාන්
The post ඊශ්රායලයට එරෙහිව දකුණු අප්රිකාව ජාත්යන්තර අධිකරණයට appeared first on ITN News.