බ්රිතාන්යයේ කනිෂ්ඨ වෛද්යවරු දින හයක විරෝධතා පාගමනක
බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවා ඉතිහාසයේ දීර්ඝතම වැඩවර්ජනය ඊයේ ආරම්භ වුණා.
බ්‍රිතාන්‍යයේ කනිෂ්ඨ වෛද්යවරු දින හයක විරෝධතා පාගමනක ද නිරත වනවා.
එරට ඉහළ යන ජීවන වියදමට සරිලන පරිදි වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කනිෂ්ඨ වෛද්‍යවරු මෙම පාගමන සංවිධාන කර තිබෙනවා.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලය 2008 සිට 26% ක උද්ධමනයට ගැලපෙන වැටුප් කප්පාදුවකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් වසර කිහිපයක් තිස්සේ 35% ක වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත් එම ප්‍රමාණයේ වැටුප් වැඩිවීමක් දැරිය නොහැකි බව බ්‍රිතාන්‍ය රජය පවසා තිබෙනවා.
The post බ්රිතාන්යයේ කනිෂ්ඨ වෛද්යවරු දින හයක විරෝධතා පාගමනක appeared first on ITN News.