ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ
2024.01.03 දින ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු meningitis(මොලේ උණ) රෝගය මත මියගිය බව තහවුරු වීම නිසා ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සිමා කිරීමට සෞඛ්‍ය නිර්දේශයන් අනුව පියවර ගෙන තිබෙනවා.
ගාල්ල බන්ධනාගාරයට ගෙන එනු ලබන නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමාගේ නියෝග මත තීරණය කර ඇති අතර අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.
The post ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ appeared first on ITN News.