අලුත් අවුරුද්දේ බලාපොරොත්තුවට එරෙහි බලාපොරොත්තු

- colombotelegraph.com

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

අලුත් අවුරුද්ද උදාවූයේ සාමාන්‍ය බලාපොරොත්තුවේ ස්වරුපයෙන් නොව, බොහෝදෙනකුට චකිතය අත්කර දෙමින් සහ බලාපොරොත්තු සුන්කරවමිනි. පසුගිය සති කිහිපය තුළ සාකච්ඡාවේ සහ අවධානයේ ප්‍රධාන මාතෘකාව වී තිබුණේ සියයට 18ක එකතු කළ අගය මත බද්දේ (වැට්) බලපෑම වන අතර, එය අයිතම කිහිපයක් හැර අනෙකුත් සියලුම භාණ්ඩ සඳහා ව්‍යාප්ත කර තිබේ. අපේක්ෂා කරන මිල ඉහළ යෑම, කලක් භුක්ති විඳි ජීවන රටාව තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ආදායම් නොලැබෙන ජනතාවට බරපතල බලපෑමක් ඇතිකරනු ලබයි. මිල වැඩිවීම විසින් දුෂ්කර තත්ත්වය තවත් නරක අතට හරවනු ඇත. අන්තර්ජාතික ආයතන සහ රජය විසින්ම ඉදිරිපත් කරන ලද මෑත කාලීන තොරතුරු ගැටලුවේ සැබෑ ස්වරූපය පෙන්නුම් කරයි.

රජයේ සහ ව්‍යාපාරවල ඉහළ මට්ටම්වල සිටින සහ අනුමාන වශයෙන් තොරතුරු දන්නා අය අතර පවතින සාමාන්‍ය අවබෝධය වන්නේ, මෙම තත්වයට පිළියමක් සඳහා වැඩි යමක් කළ නොහැකි බවයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය දිගටම පැවැතීමට නම්, ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වත්මන් මාවත අනුගමනය කළ යුතු බවත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව රට වඩාත් දරුණු විපතකට මුහුණදෙන බවත් මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කර ඇත. ඔහු පවසන්නේ, “ඉදිරි වසර හතර සඳහා කුමන ආණ්ඩුවක් බලයේ සිටියත්, නියමිත වේලාවට ප්‍රතිපත්ති වෙනස් කිරීම නැවත සාකච්ඡා කිරීමේ අඛණ්ඩ ක්‍රියාවලියක් වනු ඇත. ඒ සඳහා සීමාවන් නොමැත. එහෙත්, ප්‍රධාන අංගය වන්නේ අන්තර්ජාතික සහයෝගය ලබාගැනීම සඳහා අපි වැඩසටහන සමඟ ඉදිරියට යා යුතු බවයි.” යනුවෙනි. කෙසේවෙතත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීමේදී ආර්ථිකයේ බර බෙදාහැරීම පිළිබඳ ගැටළුව පිළිබඳව එතරම් සාකච්ඡා නොකෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ(UNDP) වාර්තාවක් පවසන්නේ, ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළම සියයට 01ට රටේ සමස්ත පෞද්ගලික ධනයෙන් සියයට 31ක් හිමි වන අතර, පහළ සියයට 50ට හිමිවන්නේ ඉන් සියයට 04කට අඩු ප්‍රමාණයක් බවයි. ජනගහණයෙන් සියයට 33.4ක් ණයෙන් මිරිකීම හේතුවෙන් අවදානම් සහ අහිමිවීම් සමඟ පොරබදමින් සිටින බව ද එම වාර්තාව පවසයි. මෙම වාර්තාවේ ඇති කරුණු සහ සංඛ්‍යාලේඛන පෙන්වාදෙන්නේ, වත්මන් ආණ්ඩුව හිතාමතාම වැඩකරන සහ දේපළ නොමැති ජනතාව මත පැටවීමට තෝරාගෙන ඇති ආර්ථික බර බෙදාගැනීම වෙනුවට විකල්ප තෝරාගෙන ඇති බවයි. රජය, රාජ්‍ය හා වාණිජ බැංකුවලට ගෙවිය යුතු ණයවලට වඩා සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තෝරාගත්තේය. වෙනස සිදුකළ යුතු ස්ථානය මෙයදැයි යන්න සම්බන්ධයෙන්, කරුණු මත පදනම්ව සිදුකෙරුණු විශ්ලේෂණ දැකගත නොහැකිය.

ආර්ථික ප්‍රකෘතියේ බර පැටවීම සම්බන්ධයෙන් ආණ්ඩුව තෝරාගෙන ඇති විකල්පවල ප්‍රතිවිපාක ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් පැහැදිලිව දැකගත හැකිය. එය හෙළිදරව් කරන්නේ සියයට 60.5ක පවුල්, ඔවුන්ගේ මුළු සාමාන්‍ය මාසික ආදායමේ පහත වැටීමක් අත්විඳ ඇති බවයි. ආසන්න වශයෙන් සියයට 97.2ක් පමණ පවුල් තම පවුලේ වියදම් කළමනාකරණය කිරීම සඳහා අවම වශයෙන් එක් වෙනත් උපාය මාර්ගයක් හෝ භාවිත කර ඇත. සියයට 75.2 ක් ආහාර වේලෙහි වෙනසක් සිදුකර ඇති අතර, සියයට 46.4 ක් ඉතුරුම් හෝ ඔවුන්ගේ අනෙකුත් වියදම් අඩුකර ඇති බව සඳහන් කර තිබේ. සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 21.3 ක් ණය ලබාගෙන, වත්කම් විකුණා හෝ දේපළ උකස් කර ඇත. තමන් වෙහෙස මහන්සිවී වැඩ කළත්, තම පවුලට අවශ්‍ය පහසුකම් සපයාගත නොහැකි බව අවබෝධ කරගන්නා මිනිසුන් තුළ පවතින බලාපොරොත්තු සුන්වීම සමනය කළ යුතුය.

පළමු බලාපොරොත්තුව

මීට වසර දෙකකට පෙර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ මිල ඉහළ යෑම තවදුරටත් දරාගත නොහැකිවූ රටේ ජනතාව තවදුරටත් ඉවසිය යුතු නැතැයි තීරණය කර, පාරට බැස, රට ආර්ථික ව්‍යසනයකට ගෙන යෑමට වගකිව යුතු පුද්ගලයන් ඉවත්විය යුතුයැයි බලකර සිටියහ. මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා විරෝධතා ව්‍යාපාරයවූ ‘අරගලය’ ලොව පුරා ප්‍රධාන පුවත බවට පත්විය. මිනිසුන් විසින් පොළඹවනු ලැබූ කල වෙනසක් සිදු විය හැකි බවත්, දූෂිත හා අසාර්ථක ආණ්ඩු සාමකාමීව බලයෙන් ඉවත්කළ හැකි බවත්, ශ්‍රී ලංකාව පෙන්වාදුන් බවට බලාපොරොත්තු සහගත පණිවිඩයක් ද ඒ සමඟ විය.

කෙසේවෙතත්, ආගමේ සඳහන් පරිදි, නපුරේ මූලධර්ම ගැඹුරින් මුල්බැස ස්ථාපිතවී ඇත. ආත්මාර්ථකාමී, දූෂිත සහ දැඩි හදවත් ඇති පුද්ගලයෝ, බිඳදැමිය නොහැකි තරම් බල හා වරප්‍රසාද සහිත පද්ධතිවල මුල්බැස ගනිති. නපුරේ මූලධර්ම තුළ, නීතියේ නාමය පවතින තැන පවා ආත්මය නොපවතින බව සහතික කිරීම සඳහා, නීති අනිසි ලෙස භාවිත කර, වැරදි ලෙස ක්‍රියාත්මක වේ. ආණ්ඩුවේ නායකයන් වගවීම් දැරිය යුතු බවටත්, වධහිංසා පැමිණවීම හා ඒ ආශ්‍රිත බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් ඉවත් කළ යුතු බවටත් මෑත කාලීන නඩුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවලින් කිසිදු බලපෑමක් සිදුවී නැත.

මැතිවරණ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සටහන් කර ඇති නීතිය මගින්, ජනවරම මත නව පාලනයක් පිහිටුවීමට හැකිවීම අලුත් අවුරුද්දේ එක් බලාපොරොත්තුවක් වනු ඇත. ජනාධිපතිවරණය මේ වසරේ පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති අතර, ඉන් අනතුරුව මහ මැතිවරණ සහ කල්දැමූ පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ද පවත්වන බව සඳහන් කර තිබේ. අරගලය නම් වූ ජනතා ව්‍යාපාරයට ආණ්ඩු වෙනසක් ඇතිකර ගැනීමට නොහැකි විය. නීතියේ ආධිපත්‍යය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක කිරීමෙන්, මහජන ව්‍යාපාරයට අත්කර ගැනීමට නොහැකි වූ දේ සාක්ෂාත් කරගත හැකිය. කෙසේවෙතත් මෙම මැතිවරණ සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතභාවයක් පවතී. එම කනස්සල්ලට හේතුව වන්නේ, මේ වසරේ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මඟහරවා ගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමටත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් ඉඩ තිබීමයි.

එහෙත් අලුත් අවුරුද්දේ විශාල බලාපොරොත්තුවක් ද ඇත. එය නරක දේට වඩා හොඳ දේ මත පදනම් වේ. සිවිල් සමාජයේ කුඩා කොටසක් සහ දෙමළ ඩයස්පෝරාවේ තවත් කුඩා කොටසක් එක්ව, රට තුළ ස්ථාවරව සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ සංවාදයේ යෙදෙමින්, එම කණ්ඩායමේ නායකත්වය සපයන ජාතික සංහිඳියාව කරා යන ගමනක් පසුගිය කාලයේ දක්නට ලැබිණි. දිගුකාලීන ගැටුම් නිමාකිරීමේ මූලික අවශ්‍යතා සහිත එවැනි ක්‍රියාවලියකදී, සමහරුන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර අනෙක් අය ඉවත් වනු ඇතැයි යන කනස්සල්ල වැඩිවන විට, නිරන්තරයෙන් සැකය සහ ඊර්ෂ්‍යාව ඇති කරයි. හිමාලයා ප්‍රකාශනයට මේ වන විටත් පවතින විවෘත හා කටුක විරෝධය දෙපාර්ශ්වයෙන්ම තවදුරටත් පැමිණීමට නියමිතය. එහෙත් එය විසින් සාමය ගොඩනැගීමේ ක්‍රියාවලිය අඩපණ නොකළ යුතුය.

විශාල බලාපොරොත්තුව

සාමයේ ඉදිරි ගමනකට අඩිතාලම දැමීමට වර්තමාන කාලය සුදුසු වේ. පවතින ආර්ථික අර්බුදය විසින් ජනතාව එකිනෙකාගේ සතුරන් නොවන බව පෙන්වා දී ඇති අතර, එහිදී වෙනත් සාධක ක්‍රියාත්මක වේ. විරෝධතා ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව වන විට බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වූ තරුණ තරුණියන්, ජාති භේද අවුළුවන දේශපාලකයන්ට තමන් රැවටී ඇති බවට සටන් පාඨ කියූ අතර, මේ තරුණ පිරිසට අවශ්‍ය වූයේ සැමට සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් සළකන අලුත් රටකි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රධාන කථිකයා වූ සාමය සඳහා වූ ශ්‍රී ලංකා ආගමික සභාව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකින් ද එවැනිම පණිවිඩයක් ලැබිණි. ඇය සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් සඳහා යුක්තිය සඳහා කැපවීමේ ජීවමාන ප්‍රතිමූර්තියක් ලෙස සිටින්නීය; ඇයට එක ඇසක පෙනීම අහිමි කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වෛරයක් හෝ සතුරුකමක් නොපෙන්වීමට හෝ සමස්ත ප්‍රජාවක්ම ඊට වගකිව යුතු නැති බව පෙන්වීම සහ සමාව දීමට ඇති හැකියාව හා කැමැත්ත, ශ්‍රී ලංකාවේ අපට නෙල්සන් මැන්ඩෙලා ගැන වැඩිදුරක් සොයා බැලිය යුතු නැති බවට සාක්ෂියකි.

ශ්‍රී ලාංකීය ජනතාව ජාතිවාදී නොවන නමුත් දේශපාලකයන් විසින් ප්‍රකෝප කරන ලද ජනතාවක් බව හිටපු ජනාධිපතිවරිය මෙහිදී සඳහන් කළාය. ඇය පවසන ලද්දේ, ඇගේ කාලයේ දී, පැවැති යුද්ධය නොතකා, නායකත්වය සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන්, වසර දෙකක් ඇතුළත සියයට 23 සිට සියයට 68 දක්වා, පළාත් මට්ටමට අන්තර් වාර්ගික බලය බෙදාගැනීම සහ බලය බෙදීම පදනම් කරගත් දේශපාලන විසඳුමකට මහජන මතය හිතකර වී තිබුණු බවයි.

දේශපාලන විසඳුම ගිවිසුම්ගත කිරීම සහ එය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම කෙසේවෙතත්, අවම වශයෙන් බහු-පක්ෂ එකඟතාවකින් ඊට පදනම සකස් කිරීමට, මෙම වසර සාමයේ ඉදිරි ගමනක හොඳම අවස්ථාව නිර්මාණය කරදී තිබේ. අලුත් අවුරුද්දේ පිළිතුරු දිය යුතු ප්‍රශ්නය නම් සාමය සහ සංහිඳියාව යථාර්ථයක් බවට පත්කර ස්වයංපෝෂිත සංවර්ධනයක් කරා රට නැඟීමට ඇති එක් විශාල බාධාවක් (බොහෝ දේ අතරින්) ඉවත් කිරීමට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්නයි. සෑම අර්බුදයක් සමඟම අවස්ථාවක්ද පැමිණේ. සැමට යුක්තිය සහ සියල්ල ඇතුළත් සංවර්ධනය ප්‍රවර්ධනය කරන දූරදර්ශී හා බහු-පාක්ෂික නායකත්වය සමඟ රටේ ඉරණම වෙනස් කිරීම සඳහා, 2024 වර්ෂය ශ්‍රී ලංකාවට තීරණාත්මක අවස්ථාවක් ලබාදී ඇත.

The post අලුත් අවුරුද්දේ බලාපොරොත්තුවට එරෙහි බලාපොරොත්තු appeared first on Colombo Telegraph.

You may also like

- news.lk

Decisions taken by the Cabinet of Ministers on 06.05.2024

- news.lk

Ajith Rajapakse announced to the Parliament today (07) that Mahinda Yapa Abeywardana, the Speaker endorsed the certificate on the Code of Criminal Procedure (Amendment) Bill recently (03) which was passed in the Parliament.

- adaderana.lk

Vladimir Putin began his fifth term Tuesday as Russian leader at a glittering Kremlin inauguration, setting out on another six years in office after destroying his political opponents, launching a devastating war in Ukraine and concentrating all power in his hands.

- adaderana.lk

The Court of Appeal today dismissed the petition filed by Minister Wijeyadasa Rajapakshe seeking to suspend the interim injunction issued by the Colombo District Court preventing him from functioning as the Acting Chairman of the Sri Lanka Freedom Party (SLFP).

- onlanka.com

A member of an organized crime gang involved in the murder of Roshan Kumara Vithanage, Treasurer of the Public Health Inspectors' Association, was apprehended at the Bandaranaike International Airport (BIA) last night (May 06).The post Murder suspect of Health Inspectors’ Association treasurer nabbed at BIA appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONL...

- onlanka.com

Sri Lanka's official reserve assets grew by 9.6% in April 2024, as announced by the Central Bank of Sri Lanka (CBSL).The post Sri Lanka’s official reserve assets up by 9.6% in April 2024 appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc