වෛද්ය උපකරණ හිඟය සහ ඖෂධ ගැටලුව කඩිනමින් විසඳනවා – සෞඛ්ය ඇමති
වෛද්‍ය උපකරණ හිඟය සහ ඖෂධ ගැටලුව කඩිනමින් විසඳන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
හලාවත මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනුයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේ.
රෝහලේ ඉදිකෙරෙමින් පවතින වාට්ටු සංකීර්ණය සහිත ගොඩනැගිලි ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.
වර්තමානයේ පවතින සෞඛ්‍ය ගැටලු ක්‍රමයෙන් විසඳමින් සිටින බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.
හලාවත මහ රෝහලේ රෝගීන් සඳහා වන ආහාර සැලසුම් ක්‍රමවේදයද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වුණා.
The post වෛද්ය උපකරණ හිඟය සහ ඖෂධ ගැටලුව කඩිනමින් විසඳනවා – සෞඛ්ය ඇමති appeared first on ITN News.