How can Sri Lankan charities find international donors and partners?

ජල ශ්රාස්ත්රීය පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

- itnnews.lk

ජල ශාස්ත්‍රීය සේවය පිහිටුවීම, ජල ශාස්ත්‍රීය මැනුම් විධිමත් කිරීම, නාවික සිතියම් නිර්මාණය කිරීම ආදී නාවික හා සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් කෙටුම්පත් කරන ලද නව ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත එළඹෙන ජනවාරි 09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ ( 04) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

නාවික සිතියම් නිර්මාණය කර මෙරට මුහුදු සීමාව හරහා යාත්‍රා කරනු ලබන නැව් සදහා අලෙවි කිරීම මගින් ශ්‍රී ලංකාවට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 51 ක පමණ ආදායමක් ලබා ගත හැකි බවත්, බ්‍රිතාන්‍ය සමාගමක් නාරා ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාවට අයත් නාවික මුහුදු සීමාව තුළ නාවික සිතියම් නිර්මාණය කර මෙරට මුහුදු සීමාව හරහා ගමන් කරන නැව්වලට අලෙවි කිරීම කරන අතර, නැව්වලින් අය කරනු ලබන මුදලින් ශ්‍රි ලංකාවට හිමි වන්නේ කොටසක් පමණක් බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවය ජාතික තලයේ පවත්වාගෙන යාම සඳහා නෛතික බලතල පැවරීම, ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය කඩිනමින් පිහිටුවීම, නාවික සිතියම් නිර්මාණය කිරීම හරහා අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි පරිදි නව පනත් කෙටුම්පත සකස් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත සම්මතවීම තුළින් ශ්‍රි ලංකාවට විශාල ඩොලර් ප්‍රමාණයක් ලැබෙන බවත් මින් පෙර මෙම කටයුතු නිසි පරිදි සිදු කර නොමැති අතර මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රිවරයෙකුට විරුද්ධවීමේ හැකියාවක් නොමැත් බවත් අධිකරණ අමාත්‍යවරයා එහිදී පැවසීය.

පනත් කෙටුම්පත පිළිබදව විපක්ෂ නායකවරයා ඇතුලු පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරන බවත් මෙවැනි පනත් ඉදිරිපත් කරන්නේ රට වෙනුවෙන් බැවින් කිසිම කෙනෙකුට විරුද්ධ වීමේ හැකියාවක් නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

නව ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසුව මෙරටට ලැබෙන ආර්ථික ප්‍රතිලාභයන් සම්බන්ධයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කළ අතර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා ද මෙම සාකච්ඡාවට එක් විය.

The post ජල ශ්රාස්ත්රීය පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට appeared first on ITN News.

You may also like

- adaderana.lk

The businessman who was arrested and remanded on charges of assaulting the Ambassador of the Islamic Republic of Iran in Sri Lanka, Dr. Alireza Delkhosh, has been released on bail.

- adaderana.lk

A 10-year-old schoolgirl has reportedly died after being run over by a private bus in the New Kurunduwatta area.

- adaderana.lk

The Economic Transformation Bill and the Public Financial Management Bill have been presented to the Parliament, a short while ago.

- colombogazette.com

By Easwaran Rutnam Former Army Commander, Field Marshal Sarath Fonseka, has decided to contest for Presidency at the upcoming Presidential election, Daily Mirror learns. Sources close to Fonseka said that the current Chairman of the Samagi Jana Balawegaya (SJB) will make a formal announcement in June. Fonseka is to contest as an independent candidate instead […]

- adaderana.lk

The Department of Fisheries and Aquatic Resources (DFAR) has advised all those engaged in naval and fishing activities not to venture out to sea until further notice.

- adaderana.lk

Sri Lanka Customs officer have arrested a Filipino woman at the Bandaranaike International Airport (BIA) along with 02 kilograms and 851 grams of cocaine estimated to be worth over Rs 200 million.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc