උණ රෝගය වැළඳුණු තවත් රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට
උණ රෝගය වැළඳුණු තවත් රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව, ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 07 දෙනෙකු මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබනවා.
රැඳවියන්ගේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.
මීට පෙර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොලේ උණ හේතුවෙන් මිය ගිය අතර ඉන් අනතුරුව රැඳවියන් කිහිපදෙනෙකු උණ රෝගයට ගොදුරුවු පළමු අවස්ථාව මෙයයි.
මේ අතර උණ රෝගය හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කළ මාතර බන්ධනාගාර රැඳවියන් සියලුදෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි බන්ධනාගාර මුලස්ථානය සඳහන් කළේ.
The post උණ රෝගය වැළඳුණු තවත් රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට appeared first on ITN News.