ගංවතුර පාලනය ඇතුලු රත්නපුර දිස්ත්රික්කයේ වාරි සංවර්ධනයට රුපියල් මිලියන 600ක මුදලක්
ගංවතුර පාලනය ඇතුලු රත්නපුර දිස්ත්රික්කයේ වාරි සංවර්ධනයට රුපියල් මිලියන 600ක මුදලක් යෝජනා වී තිබෙනවා.
සොබාවිකව සිදුවන කාලගුණික හා දේශගුණික තත්ත්වයන්ගේ අහිතකර බලපෑම හමුවේ රත්නපුර ජනතාව සෑම වසරකම පාහේ පීඩාවට පත්වනවා.
මීට පිළියම් ලෙස ගංවතුර පාලනය ඇතුලු වාරි සංවර්ධනය සදහා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රුපියල් මිලියන 600ක වැය ඇස්තමේන්තුවක් සහිත කාලෝචිත වැඩපිළිවෙලක් යෝජනා කළා.
ඒ සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ඡා වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
වලව විශේෂ බල ප්‍රදේශයේ තරුණ ගොවි ව්‍යවසායකින් බිහි කිරීම සදහා සුහුරු කෘෂි තාක්ෂණය හදුන්වාදීමට ද මෙහිදි කරුණු සාකච්ඡා කළා.
වාරි මාර්ග අමාත්‍යාංශ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාළ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ගංවතුර පාලනය ඇතුලු රත්නපුර දිස්ත්රික්කයේ වාරි සංවර්ධනයට රුපියල් මිලියන 600ක මුදලක් appeared first on ITN News.