මැණික් තොගයක් රැගෙන පැමිණි චීන කාන්තාව අත්අඩංගුවට
රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් මැණික් ගල් තොගයක් රැගෙනයාමට උත්සාහ දැරූ චීන කාන්තාවක කටුණායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැලේසියාව හරහා චීනයට රැගෙන යාමේ අරමුණෙන් මැණික් ගල් 221ක් මෙම චීන කාන්තාව රැගෙන විත් තිබූ බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු නිලධාරීන් සදහන් කළා.
එහි වටිනාකම රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂ තිස්හත්දහස අටසිය අටක් වනවා.
කාන්තාවට මැණික් අලෙවිකල ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ද කටුණායක ගුවන් තොටුපල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
The post මැණික් තොගයක් රැගෙන පැමිණි චීන කාන්තාව අත්අඩංගුවට appeared first on ITN News.