සුනඛ මාංශ වෙළඳාම තහනම් වූ රට
සුනඛ මාංශ වෙළඳාම තහනම් කරමින් දකුණු කොරියා පාර්ලිමේන්තුව නීති සම්මත කර තිබෙනවා.
නව නීති හේතුවෙන් 2027 වසර වනවිට දකුණු කොරියාව තුළ සුනඛ මාංශ වෙළදාම තහනම් වනවා.
සුනඛයින් වද හිංසාවට ලක්කිරීම හා ඝාතනය මේ සමගම අවසන් වනු ඇති බවටයි විශ්ලේෂකයින් අනාවැකි පළකරන්නේ.
රජයේ මෙම පියවර එරට සත්ව සංවිධානයන්හි දැඩි පැසසුමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. සියවස් කිහිපයක සිට දකුණු කොරියාව තුළ ආහාර සදහා සුනඛ මාංශ යොදා ගැණුනා.
කෙසේ වුවද පසුගිය දශක කිහිපය තුළදී තරුණ ප්‍රජාව අතර සුනඛ මාංශ භාවිතය ඉතා පහළ මට්ටමකට පැමිණ තිබූ බවද සඳහන්.
නව නීති අනුව සුනඛ මාංශ අලෙවි කරන්නෙකුට වසර දෙකක හා සුනඛයින්ට වද හිංසා පමුණුවන්නෙකුට වසර තුනක සිර දඩුවම් පැමිණවීමේ හැකියාව පවතිනවා.
එරට ජනාධිපති යූන් සුක් යෙයෝල් සුනඛ මාංශ භාවිතය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන අතර ඔහු සුරතලුන් ලෙස සුනඛයින් හය දෙනෙකු ඇතිකරනවා.
The post සුනඛ මාංශ වෙළඳාම තහනම් වූ රට appeared first on ITN News.