කරාපිටිය රෝහලට අත්යාවශ්ය උපකරණ සඳහා රුපියල් බිලියනයක ප්රතිපාදන

- itnnews.lk

කරාපිටිය රෝහලට මෙම වසරේ අත්‍යාවශ්‍ය උපකරණ සදහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැනට පවතින ගැටළු නිරාකරණය සහ රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ (10) කරාපිටිය ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක් සඳහා එක්වෙමින්.

රෝහලේ දැනට සිදුකරනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන්වල වත්මන් තත්ත්වය, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති, ආරම්භ කරනු ලැබූ නව ව්‍යාපෘති, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු සහ නඩත්තු කටයුතු පිළිබඳව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම් රංග මහතා මෙහිදී පැහැදිලි කිරීම් සිදු කළා.

මෙහිදී විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩල ද සිය වෘත්තීය ගැටළු සහ මානව සම්පතෙහි අවශ්‍යතාවය ද පෙන්වා දුන්නා.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසරේ කරාපිටිය ශික්ෂණ රෝහලට අවශ්‍ය අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියනයක මුදලක් වෙන් කිරිමට කටයුතු කරන බවයි.

සාමාන්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 20 ක මුදලක් ලබාදීමට ද කටයුතු කරන බවත්, අත්‍යාවශ්‍ය තවත් උපකරණ ලබාදීමට ටෙන්ඩර් කටයුතු අරම්භ කර ඇති බව ද පැවසුවා.

ඒ අනුව මේ වසරේ කරාපිටිය රෝහලට CT Scan යන්ත්‍ර 02 ක්, Ultrasound Scanner Machine යන්ත්‍ර 02 ක් ලැබීමට නියමිත බවත්, පෙබරවාරි මස එහි පළමු CT Scan යන්ත්‍රයක් ලබාදීමට පියවර ගන්නා බව ද පැවසුවා.

තමන් මීට පෙර අවස්ථාවකදී රෝහල වෙත පැමිණි බවත්, එහිදී පැවැති සමහරක් ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීමට ද කටයුතු කළ බවයි.

එහිදී ප්‍රධාන ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු, ප්‍රධාන පිවිසුම, කොරිඩෝ නවීකරණය, තීන්ත ආලේප කටයුතු සහ පවතින මුලික ගැටළු නිරාකරණය සදහා මිලියන 40 ක ප්‍රතිපාදන ලබාදී ඇති බවද පැවසුවා.

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ක්‍රියාත්මක රෝගීන්ට අහාර ලබාදීමේ සාර්ථක වැඩසටහන කරාපිටිය රෝහලේ ද ක්‍රියාත්මක කිරිමට කටයුතු සම්පාදනය කරන ලෙස දැනුම් දී ඇති බව ද පැවසුවා.

ගාල්ල කරාපිටියේ පිහිටි කරාපිටිය ශික්ෂණ රෝහල දකුණු පළාතේ විශාලතම තෘතියික සත්කාර මධ්‍යස්ථානය වේ.

එය 1982 දී ආරම්භ කරන ලද අතර රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානය වේ.

රෝහලේ ඇඳන් ධාරිතාවය 2050 ක් වන අතර, ඒකක 69 කින් යුක්තය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) දිනිප්‍රිය හේරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) වෛද්‍ය ජනප්‍රිය කරුණාතිලක, රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම් රංග, ඡ්‍යෙෂ්ඨ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂන්ත පෙරේරා, පරිපාලන නිලධාරි උදය කුමාර ඇතුලු විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියා.

The post කරාපිටිය රෝහලට අත්යාවශ්ය උපකරණ සඳහා රුපියල් බිලියනයක ප්රතිපාදන appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Lanka Premier League (LPL) today announced the termination and the retraction of rights of the ÂDambulla Thunders franchise, effective immediately.

- colombogazette.com

Former Sri Lankan cricketer Russel Arnold has been named a Multicultural Ambassador by Australia. The former cricketer who won 225 international caps across all 3 formats (1997 – 2007) is now an international cricket commentator and Level 3 High Performance coach. The father of two is a Trustee with the Foundation of Goodness, working to […]

- colombogazette.com

The Chairman of Aura Lanka Group of Companies, Viranjith Thambugala, was arrested and remanded over allegations of financial fraud. The businessman was produced in court and remanded till 27 May. In 2022 the ownership of the Dambulla team in the Lanka Premier League cricket tournament was procured by Aura Lanka Sports Pvt Ltd. (Colombo Gazette)

- island.lk

More than 140 travellers and crew members who were onboard a flight hit by severe turbulence landed in Singapore on a relief flight earlier this morning. Passengers onboard SQ321 which was heading from London to Singapore, recounted scenes of “absolute terror”, with one passenger saying he saw a woman with an “awful gash on her […]

- island.lk

President Ranil Wickremesinghe announced the implementation of a new program aimed at improving the living conditions of retired security forces members. The President highlighted that, in the absence of a dedicated program, some veterans have faced difficult situations and directed the State Minister of Defence, the Ministry of Defence, and the Ranaviru Seva Authority to […]

- colombogazette.com

President Ranil Wickremesinghe has confirmed that the Presidential elections will be held this year. He told his Cabinet that funds have already been allocated to hold the election this year. The Election Commission of Sri Lanka announced recently that the Presidential election will be held on a day between 17th September and 16th October 2024. The […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc