පස් කඳු කඩා වැටීමක් නිසා සම්පුර්ණයෙන්ම වැසී ගිය ලුණුගල බිබිල ප්රධාන මාර්ගය
ලුණුගල බිබිල ඒ 5 ප්‍රධාන මාර්ගයට අරවාකුඹුර ප්‍රදේශයේදි මාර්ගයට ඉහලින් තිබු විශාල ගල් පර්වත හා පස් කදු කඩා වැටී මාර්ගය සම්පුර්ණයෙන්ම වැසී ගොස් තිබෙනවා.
ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමඟ පසුගිය දින කිහිපය පුරාම නාය යෑම් සුදුවී මාර්ගය අදට දින 5ක් වසා තබා පාර ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් සිටින ඇතරතුර ඊයේ රාත්‍රී
විශාල කඳු නාය යෑම නිසා මාර්ගය මීටර් 50ක් පමණ වැසී යෑමත් සමඟ මාර්ගයේ ගමනාගමනය මුළුමණින්ම වසා තැබීමටයි පොලීසිය කටයුතු කර තිබෙන්නේ.
මෙම මාර්ගයේ තැනින් තැන නාය යෑම් විශාල ප්‍රමාණයක් නිතර සිදු වන බව පවසන ප්‍රදේශවාසීන් කියා සිටියේ තම දෛනික කටයුතු සියල්ල නැවති තිබෙන බවයි,
බිබිල ලුණුගල අතර මාර්ගයේ ඉදිකිරිම් කටයුතු මේ දින වලදි සිදුවන අතරතුර නිතර මාර්ගය නාය යෑමට ලක්වෙන බවත් පවන ප්‍රදේශවාසීන් කියා සිටියේ ඊයේ රාත්‍රී මාර්ගයේ නාය ගිය ස්ථානය ප්‍රතිසංස්කරනය කිරීමට දින කිහිපයක් ගතවන බවයි,
බිබිල ලුණුගල මාර්ගය නාය යෑමෙන් වසා තිබියදි මගී ගමනාගමනයට යොදා ගැනීමට වෙනත් කිසිදු විකල්ප මාර්ගයක් නොමැති බව ප‍්‍රදේශවාසීන් පවසනවා.
The post පස් කඳු කඩා වැටීමක් නිසා සම්පුර්ණයෙන්ම වැසී ගිය ලුණුගල බිබිල ප්රධාන මාර්ගය appeared first on ITN News.