කන්දකාඩු රක්ෂිත වනාන්තර එළි කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීන්දු...
කන්දකාඩු රක්ෂිතයේ අක්කර 5000 ක් එලි පෙහෙලි කොට බඩඉරිගු වගා කිරීමට ගෙන ඇති තීරණයක් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කෙරුණු පෙත්සමක් විභාගයට ගන්නේද නැද්ද යන්න ලබන මස 12 වනදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය සදහන් කළා.
පරිසර යුක්ති කේන්ද්‍රයයි මෙම පෙත්සම ගොණුකර ඇත්තේ.
පෙත්සමෙන් පවසන්නේ කන්දකාඩු රක්ෂිතයේ අක්කර 5000 ක් එලි පෙහෙලි කොට බඩඉරිගු වගාව සදහා ජාතික පශු සම්පත් මණ්ඩලය වෙත පැවරීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බවයි.
ඒ සඳහා පාරිසරික ඇගයීම් වාර්තා කිසිවක් ලබාගෙන නැති බවට පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා චෝදනා කළා.
එම ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්මාරක 110 ක් තිබෙන බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවක් හෙළි කර ඇති බවද ඔහු පැවසුවා.
ජාතික පශු සම්පත් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ වාර්ෂිකව මෙරටට බඩඉරිගු ආනයනය සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 635 ක් වැය වන බවයි.
එබැවින් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා විදේශ විනිමය පිටරටවලට ඇදී යාම වැලැක්විය හැකි බව ඔහු පැවසුවා.
මෙවැනි නඩු හේතුවෙන් ජාතික ආර්ථිකයට විශාල අගතියක් වන බවටයි ඔහු චෝදනා කළේ.
යුද්ධය ඇරඹීමට පෙර මෙම ප්‍රදේශයේ ගොවිපලක් පැවති බවත් මේ වන විට එය වනගත ප්‍රදේශයක් බවට පත්ව ඇතත් සංරක්ෂිත කලාපයක් බවට රජය ගැසට් කර නැති බවත් ඔහු පෙන්වා දුන්නා.
විකල්ප අලිමංකඩක් නිර්මාණය කරන බවට ද නීතීඥවරයා ප්‍රකාශ කළ අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පැවසුවේ ඒ හරහා අලි ඇතුන් ගමන් කරයි ද යන්නයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියද මෙහිදී කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික ආර්ථිකය ආරක්ෂා කරනවා සේම පරිසරයද ආරක්ෂා කළ යුතු බවයි
The post කන්දකාඩු රක්ෂිත වනාන්තර එළි කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීන්දුව ලබන 12 වනදා appeared first on ITN News.