තේ පොහොර මිල අඩුවෙයි
තේ පොහොර මිටියක මිල රුපියල් 8,500 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
දැනට තේ සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල් 12000 සිට රුපියල් 14000 දක්වා අතර වන බැවින් බොහෝ වගාකරුවන් තේ වගාවට පොහොර නොයොදන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සම ගාල්ල නගර ශාලාවේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
තේ පොහොර මිල වැඩි වීම නිසා තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 216 දක්වා අඩු වී ඇතැයි ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් තේ පොහොර මිටිය රුපියල් 8,500 කට දෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
The post තේ පොහොර මිල අඩුවෙයි appeared first on ITN News.