එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්රික් ආසන බලමණ්ඩල රැස්වීම
රටේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සදහා පක්ෂ විපක්ෂ සියලු දේශපාලන නායකයින් පොදු වේදිකාවකට පැමිණිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්රික් ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්රික් ආසන බල මණ්ඩල රැස්වීම කළුතර නගර ශාලාවේ දී පැවැත්වුණා.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් ඇතුළු විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා.
එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්රික් ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා මෙම රැස්වීම සංවිධාන කර තිබුණා.
The post එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්රික් ආසන බලමණ්ඩල රැස්වීම appeared first on ITN News.