IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr Peter Breuer (Senior Mission Chief), Ms Sarwat Jahan (Resident Representative), Manavee Abeyawickrama (Local Economist) පැමිණ තිබෙනවා.
සමගි ජන බලවේග රජයක් යටතේ, වත්මන් රජය IMF එක සමඟ ඇති කර ගත් ඒකපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කර පොදුජනතාවට වැදගත්, ජනතාවාදී ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
එසේම වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති ජනතාව එම අසරණ භාවයෙන් මුදවා ගැනීමටත් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩ ගෙන දුකට, අසරණභාවයට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට කටයුතු කරනවා සේ ආණ්ඩු බලය ලැබුණු විගස කටයුතු කිරීමට ද විධිමත් සැලසුමක් මේ වනවිටත් පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙන්ම විපක්ෂ නායකවරයාගේ ලේකම් තිසත් විජේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි appeared first on ITN News.