මඩකලපුවේ කුඹුරු අක්කර 84,000 ක් ජලයෙන් යට වෙයි – ගොවීන් 35,000 ක් පීඩාවට
මඩකලපුව දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට සූදානම්ව තිබූ කුඹුරු අක්කර 84,000 ක් ජලයෙන් යට වී ගොවීන් 35,000 ක් පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස් එස්.ජගනාදන් මහතා පවසනවා.
මඩකලපුව දිස්ත්‍රික්කය තුළ මෙවර කුඹුරු අක්කර එක් ලක්ෂ අසූ පන්දහස් වගාකර තිබුණා. එහෙත් ඇද හැලෙන අධික වර්ෂාව හමුවේ අක්කර 84,000 කට අධික ප්‍රමාණයක වගාව ජලයෙන් යටවී විනාශ වී ඇති බවයි මඩකලපුව දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස් එස්.ජගනාදන් මහතා පවසන්නේ.
වෙල්ලාවෙලි කොක්කඩිචෝලෙයි /චෙන්කලඩි/ වාකරෙයි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට මෙය දැඩිව බලපා තිබෙනවා.
අස්වනු නෙලීමට ආසන්න වගාව මෙලෙස විනාශ වී ඇති බවයි ජගනාදන් මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ.
The post මඩකලපුවේ කුඹුරු අක්කර 84,000 ක් ජලයෙන් යට වෙයි – ගොවීන් 35,000 ක් පීඩාවට appeared first on ITN News.