ගාසා තීරයේ රෝහල් රැසක කටයුතු අඩාල වෙයි
ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මධ්‍යයේ රෝහල් රැසක කටයුතු අඩාල වී තිබෙනවා.
ප්‍රහාර හේතුවෙන් විදුලි බලය ඇණ හිට තිබීම ඊට ප්‍රධාන හේතුවක්.
ඛාන් යුනිස් හි ප්‍රධාන රෝහල වන නසාර් ආසන්නයේ දැඩි ගැටුම් ඇති වීමත් සමඟ එම රෝහලේ සම්පූර්ණයෙන්ම විදුලි බලය ඇණ හිට ඇති බව වාර්තා වනවා.
මේ අතර අල්-අමල් රෝහලෙන් පිටව යන පලස්තීනුවන්ට ස්නයිපර් වෙඩි ප්‍රහාර එල්ල වීම නිසා අල්-ඩහ්රා හි පදිංචිකරුවන් ඉවත් කිරීමටයි කටයුතු කෙරුණේ.
මේ අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණය ලබා දුන් තීන්දුව අනුව ඉක්මනින් සටන් විරාමයකට යාමේ අවශ්‍යතාවක්ද මතුව තිබෙනවා.
The post ගාසා තීරයේ රෝහල් රැසක කටයුතු අඩාල වෙයි appeared first on ITN News.