අනිද්දා සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
ලබන 04 වනදාට යෙදෙන 76 වන නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.
ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලස්මක්ද ක්‍රියාත්මකයි.
නිදහස් දින සැමරුමට පෙර ලබන 29, 30,31 මෙන්ම පෙබරවාරි 01 වනදා දෙවනදා පුහුණුවීම් පැවැත් වෙනවා.
එම දිනවල පෙරවරු 06 සිට දහවල් 12 දක්වා ද පෙබරවාරි 03 වනදා පස්වරු 2 දක්වා ද 04 වනදා දහවල් 12 දක්වා හෝ උත්සවය අවසන් වන තුරු විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි.
ඒ අනුව එම දිනවල අදාළ කාලසීමාව තුළ මුහුදුබඩ මාර්ගය බම්බලපිටිය දුම්රියපල පාර හන්දියෙන් සහ ගාලුපාර බම්බලපිටිය හන්දියෙන් මාර්ගය වසා තබනවා.
එමෙන්ම ගාලුපාර කොල්ලුපිටිය හන්දියෙන් කොටුව දෙසට සහ කොල්ලීපිටිය දුම්රිය පල දෙසට ද ශාන්ත මයිකල් පාර ඔස්සේ සහ රොටුන්ඩා පටුමග ඔස්සේ ගාලුපාර දෙසට ද සර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ පෙරහැර මාවතට ද ඇතුළුවීම වසා තබනු ඇති.
ගාලු පාර ඔස්ස් කොළඹට පැමිණෙන බරවාහන ඩබ්ලිව් ඒ සිල්වා මාවත හන්දියෙන් දකුනට හරවා පරණ හැව්ලොක්පාර, මායා වටරවුම, හැව්ලොක් පාර ඔස්සේ ඇතුළු විය හැකියි.
ගාලු පාර ඔස්සේ කොළඹින් පිටවන බරවාහන ඕල්කට් මාවත කාර්මික විද්‍යාල හන්දිය සංඝරාජ මාවත, පංචිකාවත්ත පාර, මරදාන පාලම හන්දිය, ගාමිණී වටරවුම, ඩාලිපාර ඔස්සේ හෝ මරදාන පාලම හන්දිය, සීමන්ස් හන්දිය, සීමන්ස් පාර, ඩීන්ස්පාර, සොයිසා වටරවුම දෙසින් පිටව යා හැකියි.
මාර්ග වසා තබන අවස්ථාවලදී ඒවායේ පදිංචිකරුවන්ට තම අන්‍යන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව ගමන් කළ හැකියි.
එහෙත් ඔවුන්ට අවශ්‍ය මාර්ගයේ පෙලපාලි, සන්නද්ධ රථ හෝ විශේෂ ගමන් මාර්ග ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ඒ සදහා ඉඩ ලැබෙන බවයි පොලීසිය පවසන්නේ.
The post අනිද්දා සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් appeared first on ITN News.