මැදපෙරදිග පිහිටි ඇමරිකා කඳවුරට එල්ල වූ ඩ්රෝන් ප්රහාරයකින් ඇමරිකා සෙබළු තිදෙනෙකු මරුට
මැදපෙරදිග පිහිටි ඇමරිකා කඳවුරට එල්ල වූ ඩ්රෝන් ප්‍රහාරයකින් එක්සත් ජනපද භටයින් තිදෙනෙක් මිය ගියා.
ජෝර්දානයේ සිරියාවේ දේශසීමාව ආසන්නයේ පිහිටි ඇමරිකා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා.
ඉන් ඇමරිකා සෙබළු තිදෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ මෙම ප්‍රහාරය ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම් සිදු කර ඇති බවයි.
ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු මෙම කලාපය තුළ ඇමරිකා හමුදා මිය ගිය පළමු අවස්ථාව ද මෙයයි.
The post මැදපෙරදිග පිහිටි ඇමරිකා කඳවුරට එල්ල වූ ඩ්රෝන් ප්රහාරයකින් ඇමරිකා සෙබළු තිදෙනෙකු මරුට appeared first on ITN News.