යුක්තිය මෙහෙයුමෙන් තවත් 836 දෙනෙකු අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ විවිධ අපරාධවලට සම්බන්ධ වූවන් 836 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ විවිධ අපරාධ මර්දනය කිරීමේ අරමුණෙන් යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ යටතේ ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් 579 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවල සිටි සැකකරුවන් 257 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කරන්නේ.
එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 142ක් ඇතුළුව අයිස්, ගංජා, ඈෂ්, මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.
The post යුක්තිය මෙහෙයුමෙන් තවත් 836 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.