ණය ප්රතිව්යුහගත කිරීමේ ප්රගතිය ගැන ඇමති සබ්රි එක්සත් රාජධානිය දැනුවත් කරයි
ණය ප්රතිව්යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන් අමාත්‍ය අලි සබ්රි මහතා එක්සත් රාජධානිය දැනුවත් කළා.
එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරතවු අමාත්‍ය අලි සබ්රි මහතා එරට කේම්බ්‍රිජ් සංගමය ඇමතුවා. අනතුරුව එහි විද්වතුන් සමඟ ශාස්ත්‍රීය සාකච්ඡාවක ද නිරත වුණා.
ආසියාව හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදි අදහස් පළ කෙරුණා.
ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ පාර්ශව දැනුවත් කළ අමාත්‍යවරයා නාවික හා සමුද්‍රීය ගැටලු පිළිබදව ද අදහස් හුවමාරු කර ගත්තා.
එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සැසිවාරයකට ද ඔහු එක්වුණා.
අනතුරුව අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද දැනුවත් කළා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බොගොල්ලාගම මහතා ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියා.
The post ණය ප්රතිව්යුහගත කිරීමේ ප්රගතිය ගැන ඇමති සබ්රි එක්සත් රාජධානිය දැනුවත් කරයි appeared first on ITN News.