ග්රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් සිරිපාල ජින්තු මාවතේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
සැකකරුවන් සමඟ වෙඩි තැබීමට යොදාගත් පිස්තෝල වර්ගෙය් ගිනි අවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ තුනක් මෙන්ම යතුරුපැදිය ද පොලිස් භාරයට ගත් බවද සඳහන්.
ඉකුත් මස 31 දින ග්‍රෑන්ඩ්පාස් සිරිපාල ජින්තු මාවතේදී සෙල්ලයියා ශන්මුගන් නොහොත් තම්බිරාජා යන අයට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ සැකකරු ග්‍රෑන්ඩ්පාස් සර්පන්ටයින් පාර රූපලාවණ්‍යාගාරයක් අසල රැඳී සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක එක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. පී. පී. ජේ. නිශාන්ත මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසියසඳහන් කළා.
යතුරුපැදිය සොරා ගත් එකක් බවටද අනාවරණය වී තිබෙනවා.
එම සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දී වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය වැල්ලම්පිටියේ ජය මාවතේ පදිංචි පුද්ගලයෙකුට ලබා දුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු තාවකාලිකව පදිංචිව සිටින වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනිඅවිය, ජීව උණ්ඩ සහ මැගසිනය සොයා ගැනීමට හැකිවූ බවද පොලිසිය ප්‍රකාශ කළා.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු විසිතුන් හැවිරිදි කඹුරුපිටිය උල්ලල පදිංචිකරුවෙක්.
ගිනි අවිය සඟවා ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post ග්රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.