යුක්තිය මෙහෙයුමෙන් තවත් 729ක් අත්අඩංගුවට
අඛණ්ඩව ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් හත්සිය විසි නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
දිවයින පුරා සිදු කළ යුක්තිය මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්සිය විසිනව දෙනා අතුරින් 499 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ සිව් දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කිරීමට පියවර ගැනුණා.
එසේම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සැකකරුවන් දෙසිය තිස් දෙනා අතුරින් විවිධ වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 19 දෙනෙකු ද මෙසේ අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්.
හෙරොයින් ග්‍රෑම් 146 ක්, අයිස් ග්‍රෑම් 119 ක්, ගංජා ග්‍රෑම් 945 ක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගත් බව පොලිසිය පවසනවා.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ උඩවලව කඳවුරේ නිලධාරීන්ට කිරින්ද නාවික හමුදා බුද්ධි අංශ මගින් ලබා දුන් තොරතුරකට අනුව මව්ආර රක්ෂිතයේ කළ වැටලීමක දී ගංජා වගාවක් සොයා ගැනුණා.
එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනුණු අතර අදාළ වගාව ගිනි තබා විනාශ කිරීමටයි පියවර ගැනුණේ.
The post යුක්තිය මෙහෙයුමෙන් තවත් 729ක් අත්අඩංගුවට appeared first on ITN News.