යුද හමුදාපති පැරෂුට් පුහුණුවේ දී අනතුරට ලක්වූ නිලධාරීන්ගේ සුවදුක් විමසයි
නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන පැරෂුට් පුහුණුවේ දී අනතුරකට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර සිටින යුද හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සුවදුක් විමසා බැලීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කටයුතු කළා.
කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති නිදහස් දින සැමරුම් පෙරහුරුවේ පැරෂුට් පුහුණුවීම් අතරතුරදී තුවාල ලැබූ හමුදා සාමාජිකයින් දෙදෙනා යුද හමුදා රෝහලට ඇතුළත් කෙරුණා.
ඔවුන්ගේ සුවදුක් විමසා බැලූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඉදිරි ප්‍රතිකාර කටයුතු පිළිබදව ද වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කළා.
The post යුද හමුදාපති පැරෂුට් පුහුණුවේ දී අනතුරට ලක්වූ නිලධාරීන්ගේ සුවදුක් විමසයි appeared first on ITN News.