රිය අනතුරකින් රුසියානු ජාතික යුවළක් ජීවිතක්ෂයට
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් රුසියානු ජාතික යුවළක් ජීවිතක්ෂයට පත් වුණා.
මෙම යුවළ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති අතර පෞද්ගලික බස් රථයක් පසුකර යාමට උත්සාහ දැරීමත් සමඟ එම බස් රථයේ ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.
යතුරුපැදිය බස් රථයේ ගැටීමෙන් පසු මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක ද ගැටී තිබෙනවා.
අනතුරෙන් මියගියේ අවුරුදු 27 ක් සහ 34 යන වයස් කාණ්ඩවල පසුවූ යුවළකුයි.
පිරිමි පුද්ගලයා ආරක්ෂිත හිස් වැසුම් පැළද නොසිටි බවටයි පොලිසිය පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post රිය අනතුරකින් රුසියානු ජාතික යුවළක් ජීවිතක්ෂයට appeared first on ITN News.