නුවරඑළිය දිස්ත්රික්කයේ රෝහල් 26ක ගිලන් රථවලට GPS තාක්ෂණය
නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි මුලික රෝහල් දෙකක් සහ ප්‍රාදේශිය රෝහල් 24 ක තිබෙන ගිලන් රථ 42 ක ජි.පි.එස් තාක්ෂණය සවි කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය සහිතව දිවයිනේ ප්‍රථම වරට නියමු ව්‍යාපෘතියක් වශයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි මුලික රෝහල් දෙකක සහ ප්‍රාදේශිය රෝහල් 24 ක දැනට සේවයට යොදවා ඇති ගිලන් රථවල ජි.පි.එස් තාක්ෂණය සවි කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, එම ගිලන් රථ තිබෙන ස්ථාන තම කාර්යාලය මගින් අධික්ෂණය කිරිමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසුවා.
රෝගින් වෙනත් රෝහල් වලට රැගෙන යාමේදි ආපසු එම ගිලන් රථය රෝහලට පැමිණිමේදි සිදුවන ප්‍රමාදයන් අවම කිරිමටත් , හදිසි අවශ්‍යතාවයකදි වෙනත් රෝහල් වලට ගිලන් රථයක් අවශ්‍ය වු විට එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් තම කාර්යාලයේ ස්ථාපනය කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන ගිලන් රථයක් ලබා ගැනිමට අවස්තාව මේ තුලින් ලැබෙනවා.
මිට ප්‍රථම හදිසි අවශ්‍යතාවයකදි ගිලන් රථයක් ලබා ගැනිමට වෛද්‍යවරුන්ට දිස්ත්‍රික්කය තුල පිහිටි ගිලන් රථ තිබෙන සෑම රෝහලකටම ඇමතුම් ලබා ගැනිමට සිදු වු බවත් , නව ව්‍යාපෘතිය තුලින් වෛද්‍යවරුන්ට පහසුවක් ලැබෙන බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
The post නුවරඑළිය දිස්ත්රික්කයේ රෝහල් 26ක ගිලන් රථවලට GPS තාක්ෂණය appeared first on ITN News.