පියැසි මත සූර්ය පැනල සවි කිරීමෙන් විදුලි ඒකක මිලියන 630ක් ජාතික පද්ධතියට
පියැසි මත සූර්ය පැනල සවි කිරීමේ ක්‍රමවේදය යටතේ පසුගිය වසර තුලදී පමණක් විදුලි ඒකක මිලියන 630 ක් ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව රට පුරා විසිරී සිටින පාරිභෝගිකයින් මෙම සුවිශේෂී ජාතික කාර්යය සඳහා සහයෝගය ලබා දී තිබෙනවා.
සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික අත්දැකීමක් ලබා ගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයින් යොමු වී සිටිනවා.
විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටලු සඳහා විසඳුම් ලබා දෙමින් හැකි උපරිම ආකාරයෙන් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරන කාර්ය මණ්ඩලය ද විදුලිබල මණ්ඩලය ඇගයීමට ලක් කරනවා.
The post පියැසි මත සූර්ය පැනල සවි කිරීමෙන් විදුලි ඒකක මිලියන 630ක් ජාතික පද්ධතියට appeared first on ITN News.