නිදහස් උළෙල අභිමානවත්ව සමරන්න සියල්ල සූදානම්
ජාතික නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එක්වන බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළා.
ඒ තුළින් දෙරටේ සබදතා තවදුරටත් ශක්තිමත් වන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
නිදහස් උත්සවය වෙනුවෙන් යෙදවෙන ත්‍රිවිධ හමුදාව , පොලීසිය හෝ සිවිල් ආරක්ෂක බලකාය සඳහා කිසිදු අතිරේක මුදලක් වැය නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
මේ අතර කොළඹ නගරය තුළ රථවාහන රාජකාරි මෙන්ම විශේෂ ආරක්ෂක කටයුතු සදහා 4,000ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
ජාතික ධජය භාවිත කිරීමේදී අගෞරව නොවන පරිදි එය නිසි අයුරින් යොදාගන්නා ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.
The post නිදහස් උළෙල අභිමානවත්ව සමරන්න සියල්ල සූදානම් appeared first on ITN News.