සෝමාලියා කොල්ලකරුවන් පැහැර ගත් යාත්රා 2ක් ඉන්දීය නාවික හමුදාව බේරා ගනී
සෝමාලියා කොල්ලකරුවන්ගේ පැහැර ගැනීමට ලක්වු යාත්‍රා දෙකක් ඉන්දීය නාවික හමුදාව විසින් බේරා ගෙන තිබෙනවා.
සෝමාලියාවේ වෙරළට ඔබ්බේන් මුහුදු කොල්ලකෑම් නිරන්තරව සිදු වනවා.
ඒවා වැළැක්වීමට ඉන්දීය නාවික හමුදාව ද රතු මුහුදේ නිරන්තර මෙහෙයුම් සිදු කරනවා.
යේමනය පදනම් කරගත් හූති කැරළිකාර කණ්ඩායම් නැව්වලට පහරදෙමින් කොල්ලකෑම් සිදුකිරීම වර්ධනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරාන ධජය සහිත යාත්‍රා දෙකක් මුදා ගැනීමට තමන්ට හැකි වු බව ඉන්දීය නාවික හමුදාව පවසා තිබෙනවා.
මේ අතර සෝමාලියා වෙරළට ඔබ්බෙන් මුහුදු කොල්කරුවන්ගේ ප්‍රහාරයට ලක්වු ලයිබිරියානු ධජය සහිත නෞකාවක සිටි කාර්ය මණ්ඩලයේ 21ක් දෙනෙකු ද ඉන්දීය නාවික හමුදාව මගින් පසුගිය දා බේරා ගැනුනා.
The post සෝමාලියා කොල්ලකරුවන් පැහැර ගත් යාත්රා 2ක් ඉන්දීය නාවික හමුදාව බේරා ගනී appeared first on ITN News.