'යුක්තිය මෙහෙයුම': 'මෙයින් සිදුවන්නේ අපි හැමෝම අනාරක්ෂිත වීමයි'
රටේ තැන තැන සිදුවන වෙඩි තැබීම් සහ මනුෂ්ය ඝාතනයන් හි අසාමාන්ය ඉහළ යාමක් ගතවූ දෙවසර තුළ සිදුව ඇතැයි විශ්රාමික ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ප්රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය.ඔහු සඳහන් කළේ 2022 / 23 යන දෙවසරක කාල සීමාව තුළදී මෙම මනුෂ්ය ඝාතන සිදුවීම් 50%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි.