ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියේ CCTC දර්ශන අධිකරණයට ඉදිරිපත් කරනැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සීසීටීවී සහ වීඩීයෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැදවු අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කළ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇප මත මුදා හැර ඇති අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් 4 දෙනෙකුට වරෙන්තු නිකුත් කළා.
ඇන්ඩෲ ඉවෝන් පෙරේරා / ශෙරිල් වික්‍රමසිංහ / දිල්රුක් මධුෂංක / අශාන් සංදීප යන අයටයි වරෙන්තු නිකුත් කෙරුණේ.
The post ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියේ CCTC දර්ශන අධිකරණයට ඉදිරිපත් කරනැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග appeared first on ITN News.