මියන්මාර හමුදා පාලනයට ප්රබල තර්ජනයක්
බලහත්කාරයෙන් වංචනික ක්‍රියාවන් සඳහා විදේශිකයන් මෙහෙය වූ කුප්‍රකට යුද නායකයන් තුන්දෙනෙකු චීනයට නැවත භාර දීමට මියන්මාරය කටයුතු කළා.
මියන්මාරයේ ඊසාන දිග දේශසීමා ආශ්‍රිතව පිහිටි ලව්ක්කයින් ප්‍රදේශයේ පුද්ගලයින් හත්දෙනෙකු ගුවනින් යළි චීනයට රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.
2021 වසරේ බලහත්කාරයෙන් බලයට පත් මියන්මාර හමුදාවේ බලය මේ වන විට ක්‍රමානුකූලව අඩුවෙමින් පවතිනවා.
මියන්මාර හමුදාවට වඩා එරට සංවිධානාත්මක කැරළිකරුවන් බලවත් බවද වාර්තා වනවා.
ඒ හේතුවෙන් දෙපාර්ශ්වය අතර ඇති වන ගැටුම්වලින් මියන්මාර හමුදා පරාජයට පත් විය හැකි බවයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය මියන්මාර හමුදා පාලනයට ප්රබල තර්ජනයක් වනු ඇති.
3
The post මියන්මාර හමුදා පාලනයට ප්රබල තර්ජනයක් appeared first on ITN News.