”කෙහෙළිය ගෝ ගම” නමින් විරෝධතාවක නිරතවූ පිරිසක් අත්අඩංගුවට
කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ‘කෙහෙළිය ගෝ ගම’ නමින් විරෝධතාවක නිරතවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 05දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධ සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස විරෝධය දැක්වා තිබෙනවා.
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ මහජන සංවිධාන එකමුතුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද සාමකාමී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණා.
The post ”කෙහෙළිය ගෝ ගම” නමින් විරෝධතාවක නිරතවූ පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.