හම්බන්තොට ග්රාම නිලධාරීවරයෙක් අල්ලස් ලබා ගනිද්දී හසු වෙයි
හම්බන්තොට සාමෝදාගම ග්‍රාම නිළධාරීවරයා රුපියල් 10000 ක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ මර්දන අංශයේ නිළධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පදිංචියක් සනාථ කිරිමක් සම්බන්දයෙන් පැමිණිලි කරුගෙන් මෙම මුදල ලබාගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කළා.
සැකකාර ග්‍රාම නිළධාරීවරයා හම්බන්තොට මූලස්ථාන පොලීසියට භාර දී තිබෙනවා.
The post හම්බන්තොට ග්රාම නිලධාරීවරයෙක් අල්ලස් ලබා ගනිද්දී හසු වෙයි appeared first on ITN News.