ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අදත්
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදත් සිදු කෙරෙනවා.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මේ වන විට පෙත්සම් 31 ක් ගොනු කර තිබෙනවා.
අද එය විභාගයට ගෙන තිබෙන්නේ පස්වන දිනටයි.
පෙත්සම් විභාගය ආරම්භයේ දීම පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්වූවා.
යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ.
The post ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අදත් appeared first on ITN News.