පැරෂුට් පැනීමේ හැකියාව විදහා දැක්වූ හමුදාපති ඇගයීමට
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් පැනීමේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී හමුදා පැරෂුට් භටයකු ලෙස තම හැකියාව ප්‍රගුණ කර පසුගියදා සිය දක්‍ෂතා විදහා දැක්වූ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඊයේ ජනාධිපති කාර්යාලයේදී ඇගැයීමට ලක් කෙරිණි.
මෙම ජයග්‍රහණය හා ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ආදර්ශවත් හමුදා නායකත්වය මෙන්ම කැපවීම සංකේතවත් කරමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා අතින් මෙහිදී යුද්ධ හමුදාපතිවරයා වෙත එයාර් බෝන් (AIRBORNE) ලාංඡනය පැලඳවීම සිදු විය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද මෙම අවස්ථාවට එක් විය.
The post පැරෂුට් පැනීමේ හැකියාව විදහා දැක්වූ හමුදාපති ඇගයීමට appeared first on ITN News.