කෙහෙළිය අද අධිකරණයට
අත්අඩංගුවට ගැනුන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී පැය 10කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.
ඉන් අනතුරුවයි අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් වූ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී පෙරේදා යළි කැඳවනු ලැබුවා.
එහිදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙස දන්වා තිබියදී ඒ සදහා නොපැමිණ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ.
එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙස නියෝග කළා.
ඒ අනුව ප්‍රකාශ ලබා දීමට පැමිණි අමාත්‍යවරයා එම ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ.
The post කෙහෙළිය අද අධිකරණයට appeared first on ITN News.