තායිලන්ත අගමැති අද දිවයිනට
76 වන නිදහස් දින සමරුවට සහභාගී වීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය සෙට්ඨා තවුසින් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව තායිලන්ත අග්‍රාමාත්‍ය සෙට්ඨා තවුසින් මහතා නිදහස් සමරුවට ආරාධිතයෙකු ලෙස සහභාගී වීම සඳහා මෙසේ දිවයිනට පැමිනෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
දිවයිනට පැමිණෙන තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිල සාකච්ඡා සදහා ද එක්වීමට නියමිත අතර ශ්‍රිලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට ද ඔහු සහභාගී වනු ඇති.
The post තායිලන්ත අගමැති අද දිවයිනට appeared first on ITN News.