ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්
ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Colonel Klaus Willi Merkel ඊයේ දින (05) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස්අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවී තිබෙනවා.
Colonel Klaus Willi Merkel, ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ජර්මානුතානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ජර්මානු ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාපති සහ ජර්මානු ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණා.
තවද, මෙම අවස්ථාව සඳහා ජර්මානුතානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel (GS) Andre Niedhofer සහ නාවික හමුදාපතිගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතරසමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
The post ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක් appeared first on ITN News.