දකුණු සුඩානයේ සාම සාධක රාජකාරි සඳහා යුද හමුදා වෛද්ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරි සඳහා දහවන යුද හමුදා වෛද්ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සදහා දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහල් රාජකාරි සඳහායි යුද හමුදා වෛද්‍ය බළකායේ දහවන වෛද්‍ය කණ්ඩායම මෙසේ දිවයිනෙන් පිටත්ව ගියේ.
ඊට නිලධාරීන් 14 දෙනෙකු, නාවික හමුදාවේ එක් නිලධාරියෙකු මෙන්ම සෙසු නිලයන් 49 දෙනෙකු හා යුද හමුදා සාමාජිකයින් 64 දෙනෙකු ඇතුළත්.
මෙරටින් පිටත්ව යන වෛද්‍ය බළකා කණ්ඩායමට සුබ පැතීම සදහා වෛද්‍ය බළකායේ බළකාධිපති සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පී ඒ සී ප්‍රනාන්දු මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
The post දකුණු සුඩානයේ සාම සාධක රාජකාරි සඳහා යුද හමුදා වෛද්ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි appeared first on ITN News.