බස් රථයකදී තරුණියකට අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
තරුණියකගේ කකුල අත ගා ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ කුරියයර් සේවා ස්ථානයක සේවය කරන පුද්ගලයක්.
කෙසේ වෙතත්, මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බස්රථවල ගමන් කරන කාන්තා හිංසනය පිටුදැකීමේ අලුත් මෙහෙයුම යටතේ සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බස්රථවලට යොදවා සිදු කළ මෙහෙයුමකදීයි.
The post බස් රථයකදී තරුණියකට අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.