අත්යවශ්ය පිළිකා ඖෂධ තොගයක් සඳහා ගිවිසුමක් අත්සන් කෙරේ
මෙරට පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට අදාළ ගිවිසුම අත්සන් කිරීම ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.
ඒ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයට ඖෂධ වර්ග 13 ක් ඇතුළත් වන අතර එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියනයකට අධික බවයි පැවසෙන්නේ.
පළමු අදියර යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන මෙම ඖෂධ තොගය වර්ෂයක පිලිකා ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.
මෙරටට අවශ්‍ය වන තවත් ඖෂධ තොගයක් මෙහි දෙවන අදියර යටතේ ඉදිරි මාස කිහිපය තුළදී ලබාදීමට නියමිතයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ අනුග්‍රාහකත්වය දක්වන ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂවරයෙකු වන මිකී ලුයි යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබුවා.
The post අත්යවශ්ය පිළිකා ඖෂධ තොගයක් සඳහා ගිවිසුමක් අත්සන් කෙරේ appeared first on ITN News.