චීන කාබනික පොහොර ගැටලුව කතා කරලා විසඳගන්න යයි
චීන සමාගමකින් කාබනික පොහොර මිලදී ගැනීම සම්බන්ධව පැන නැගී ඇති ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කර තිබෙනවා.
2021 වර්ෂයේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් චීන පෞද්ගලික සමාගමකින් මිලදී ගත් කාබනික පොහොර පිලිබදව පසුගිය කාලය පුරාවටම විශාල ආන්දෝලනයක් ඇති වුණා.
ඇති වූ එම ගැටලුකාරී තත්ත්වය විසදා ගැනීම සදහා විවිධ පාර්හ්වයන් විටින් විට උත්සාහ දැරුව ද අදාළ උත්සාහයන් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතුවීම හේතුවෙන් ඊට විසදුම් සෙවීම කල්ගත වූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන්නේ.
එමෙන්ම අදාළ කාබනික පොහොර සැපයූ චීන සමාගමේ කීර්තිනාමයට හානි කිරීම යන චෝදනාව මත ඇමෙරිකා ඩොලර් මිලියන 6.9 ක වන්දියක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදු වුණා.මේ අතර එම පොහොර තොගය සදහා ශ්‍රී ලංකාව වැය කළ මුදලට සරිලන පරිදි වෙනත් පොහොර වර්ගයක් හෝ කෘෂි උපකරණ ලබාගැනීමට තීරණය කළ ද අදාළ සමාගම විසින් වෙනත් කිසිදු නිෂ්පාදනයක් සිදු නොකිරීම හේතුවෙන් එම උත්සාහය ද ව්‍යර්ථ වුණා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වයට හානි නොවන පරිදි අදාළ ගැටලුව විසදා ගැනීම සදහා සුදුසු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට 2022 නවවෙනි මස 13 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා.
කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සදහා තවත් තීරණ කිහිපයක් ගැනීම සිදු කෙරුණා.
ඒ අනුව මෙම මස 19 වන දින සිට 22 වනදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගීවීමට නියමිත මහජන චීන රජයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු පිළිබද උප අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස සමග මෙම සිද්ධිය පිළිබද සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ කටයුතු ඉදිරියේදී සූදානම් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.
The post චීන කාබනික පොහොර ගැටලුව කතා කරලා විසඳගන්න යයි appeared first on ITN News.