තවත් සැකකරුවන් 705ක් අත්අඩංගුවට
පැය 24ක් තුළ යුක්තිය විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 705 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් 705 දෙනාගෙන් 553 දෙනෙකුම මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 152 නෙකුද ඒ අතර වනවා.
මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම 143යි මිලිග්‍රෑම් 600ක් අයිස් ග්‍රෑම් 134 මිලිග්‍රෑම් 578ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගංජා,මාවා ,මත්පෙති සහ මදන මෝදක ද යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
The post තවත් සැකකරුවන් 705ක් අත්අඩංගුවට appeared first on ITN News.