ඇමති දිලුම් බිංගිරිය ආයෝජන කලාපයේ නිරීක්ෂණ චාරිකාවක
බිංගිරිය ආයෝජන කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනය කර කඩිනමින් ආයෝජන කටයුතු ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
බිංගිරිය ආයෝජන කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙරටට පැමිණි ජපානයේ ආයෝජකයින්ගේ ආයෝජන කලාපයක් ලෙස මෙය ප්‍රවර්ධනය කිරීම අරමුණයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහමහතා ජපානයේ සංචාරය කිරීමෙන් පසු මූලික සාකච්ඡාවලදී ගත් තීරණ අනුව ජපන් ආයෝජකයන්ගේ ප්‍රමුඛ කලාපයක් බවට බිංගිරිය ආයෝජන කලාපය පත් කිරීමට සැලසුම්කර තිබෙනවා.
අදියර 3ක් යටතේ ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කිරීම සැලැස්මයි.
The post ඇමති දිලුම් බිංගිරිය ආයෝජන කලාපයේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.