එළවළු මිල අඩු වෙයි
යාපනය අර්ධද්වීපයේ එළවළු වෙළඳපොළට පැමිණීමත් සමඟ එළවළු මිල අඩු වී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන් පවසනවා.
යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණ එළවළුවල අස්වැන්න නෙළීම මේ දිනවල සිදුවනවා.
කැරට්, මාළු මිරිස්, බීට්, ගෝවා ආදී එළවළු යාපන ගොවීන් මෙවර වැඩි වශයෙන් වගා කර ඇති අතර ඉන් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතිනවා.
එම එළවළු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තොග වශයෙන් ලැබීමට පටන් ගැනීමත් සමග එළවළු මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්කනට ලැබෙනවා.
කැරට් කිලෝ ග්‍රෑමයක් රුපියල් 500දක්වා අඩු වී ඇති අතර බීට් කිලෝ ග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 250ක් වැනි මිලකටයි. රුපියල් 1500කට අලෙවි වු මාළු මිරිස් කිලෝ ග්‍රෑමයක මිල ද රුපියල් 800 දක්වා පහත වැටී තිබෙනවා.
The post එළවළු මිල අඩු වෙයි appeared first on ITN News.