UPI මුදල් හුවමාරු ක්රමවේදය එළිදැක්වෙයි
ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් වැඩපිළිවෙළ කොළඹදී එළිදැක්වීමට මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඉන්දීය ජාතික ගෙවීමේ සංස්ථාව මගින් හදුන්වාදී ඇති ඩිජිටල් මූල්‍ය ගෙවීමේ ක්‍රමවේදයක් වන යූ පී අයි යටතේ මේ සදහා ලියාපදිංචි වී ඇති ඕනෑම බැංකුවක් හරහා ගනුදෙනු කළ හැකියි.
එසේම වෙළෙද ආයතනවලට ද පුද්ගලයින්ට ද මෙම අවස්ථාව හිමිවනවා.
ජංගම දුරකතන අංකය මත පදනම්ව ගෙවිය හැකි යෙදුමක් ලෙසයි මෙය හැදින්වෙන්නේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ නව තාක්ෂණික ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ මෙන්ම මුරිසි රාජ්‍ය තුළද ක්‍රියාත්මක කෙරෙන බවයි.
ඒ අනූව UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලිය, මෙරට ලංකා QR ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වේ.
The post UPI මුදල් හුවමාරු ක්රමවේදය එළිදැක්වෙයි appeared first on ITN News.