උමා ඔය ව්යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම

- colombotelegraph.com

මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ

උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය මේ මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙය වික්ටෝරියා, කොත්මලේ සහ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර වලට පසුව රටේ විශාලම ජල විදුලි බලාගාර වලින් එකක් වනු ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය තවත් අඩු වියදම් විදුලි ප්‍රභවයක් දායාද වනු ඇත. මධ්‍යම කදුකරයේ සිට ජලය ගිනිකොනදිග වියළි කලාපයට හරවා යැවීම ඉලක්ක කරගත් උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 2010 මාර්තු මාසයේදීය. දශක ගණනාවක් මුලුල්ලේ සාකච්ඡා සහ සැලසුම් මට්ටමේ තිබුනත් කිසිදු ආණ්ඩුවකට මහ පොළවේ යතාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වූ යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක්ම මම ජනාධිපති ධූරය දැරූ කාලයේ එකින් එක ඉදි වීමට පටන් ගත් විට එම සාර්ථකත්වයට ඊර්ෂියා කළ පාර්ශවයන් මේ ජයග්‍රහණ හෑල්ලූවට ලක් කිරීම සඳහා මගේ ආණ්ඩුවේ සාමාජිකයන් මේ ව්‍යාපෘතිවල වියදම් ඇස්තමේන්තු අසාමාන්‍ය ලෙස වැඩිකොට, එමගින් අයතා ලෙස මුදල් ඉපයූ බවට ප්‍රචාරයක් ගෙන ගියේ ය.

මෙවැනි මුල්‍යමය අකටයුතුකම් පිළිබඳ සාක්ෂි කිසිදාක කිසිවෙකුවත් විසින් මහජනතාව ඉදිරියේ ගෙන හැර දක්වා නොතිබුණද, මෙවන් ප්‍රචාර නිසා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන කවුරුන් වූවත් හොරෙකු යැයි විශ්වාස කරන මුළු පරම්පරාවක්ම බිහි වී ඇත. මෙවැනි ප්‍රචාර හේතුකොට ගෙන රටට යමක් කිරීමේ හැකියාව ඇති අය දුෂ්ඨයන් ලෙස හංවඩු ගැසුණු අතර, කයිවාරු ගැසීම, විවේචනය කිරීම හා බොරු කීම හැර වෙන කිසිවක් කිරීමට හැකියාවක් නැති අය වීරයන් බවට පත් විය. යම්කිසි ඉදිකිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී දූෂණයක් සිදුවී ඇති බවට සාක්ෂි තිබේ නම් එම සාක්ෂි පරීක්ෂා කර බැලීම වෙනම කාරණයකි. නමුත් කිසිදු සාක්ෂියක් නොමැතිව දේශපාලනික චේතනාවෙන් කරන චෝදනා නිසා අත්‍යවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති පවා ආරම්භ කිරීමට ආණ්ඩු සහ දේශපාලඥයින් අතර මැලිකමක් ඇතිවීම වැලැක්විය නොහැක.

1950 ගණන්වල සිට බලයට පත් වූ විවිධ රජයන් දශක ගණනාවක් තිස්සේ සැලසුම් කළ නමුත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අධිවේගී මාර්ග, විදුලිබල ජනන ව්‍යාපෘති, වාරිමාර්ග ව්‍යාපෘති යනාදිය ඉදි කිරීමට 2006-2014 අතර මගේ වසර නවයක පාලන කාලය තුළ හැකිවීම වාසනාවකි. එයට අමතරව, රට පුරා පාරවල් කාපට් කිරීම, රෝහල් සහ පාසල් වැඩි දියුණු කිරීමත්, නාගරික අඩු ආදායම් ලාභීන්ට අලුත් නිවාස ව්‍යාපෘතීන් ඉදි කිරීමත් සිදු වූ නිසා, ඒ වැඩ අවුරුදු ගණනාවකට ප්‍රමාණවත් විය. නමුත් අද වන විට මම ජනාධිපති ධුරයෙන් ඉවත් වී දස වෙනි වසර ආරම්භ වී ඇති අතර, කර්මාන්ත හා සේවා අංශයේ අවශ්‍යතා සපුරාලීම සඳහා අඩු වියදම් විදුලි උත්පාදනය වැනි ක්ෂේත්‍ර වල නව ආයෝජන අවශ්‍ය වී ඇත.

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ජනතාවගේ යහපැවැත්ම සඳහා යටිතල පහසුකම් ව්‍යාපෘති මගින් ලබා දෙන දායකත්වය අගය කරන නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ආරම්භ කිරීමට සුවිශේෂී අවස්ථාවක් සැලසේ. 1948 සිට රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක රටේ දැනට පවතින යටිතල පහසුකම් සංවර්ධනයට දායකත්වය ලබා දී ඇත. කෙසේ වෙතත්, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියයි.

මගේ ආණ්ඩුව උමා ඔය ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර වසර පනහකට වැඩි කාලයක් මුලුල්ලේ විවිධ ආණ්ඩු යටතේ එය සාකච්ඡාවට ලක්ව තිබුණි. 1959 දී ඇමෙරිකාවේ යුනයිටඩ් ස්ටේට්ස් ඔපරේෂන්ස් මිෂන් ආයතනය සහ කැනේඩියන් හන්ටින් සර්වේ කොපරේෂන් ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යනයකින් උමා ඔය ව්‍යාපෘතිය ප්‍රථම වරට යෝජනා කරන ලදී. එය 1960 ගණන් වල ඩඩ්ලි සේනානායක රජය සමයේ මහවැලි ව්‍යාපෘතිය සඳහා වූ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනෙත්, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේත් ඒකාබද්ධ සැලසුමේ ද ඇතුළත් විය. රණසිංහ ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කුමාරතුංග රජයන් යටතේ ද උමා ඔය ව්‍යාපෘතිය ගැන වැඩිදුර අධ්‍යනයන් සිදු විය. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය වූයේ, 2001-2004 .ජා.ප ආණ්ඩුවේ කරු ජයසූරිය සහ ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් විදුලිබල හා බලශක්ති සහ වාරිමාර්ග අමාත්‍ය ධුර දැරූ සමයේදී ය.

මේ ආකාරයට අඩසියවසකට වැඩි කාලයක් මුලුල්ලේ සැලසුම් වෙමින් පැවති මෙම ව්‍යාපෘතිය මගේ ආණ්ඩුව විසින් ඉදිකිරීම ආරම්භ කළ විට දේශපාලන විරුද්ධවාදීන් චෝදනා කළේ මගේ ගමේ ඉඩම්වලට ජලය සැපයීමට හම්බන්තොටට ජලය හරවා යැවීම සඳහා උමා ඔය ව්‍යාපෘතිය මම ආරම්භ කළ බවයි. මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුවෙන අතරතුර ජනතා විමුක්ති පෙරමුණ උමා ඔය ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනයට ලක් කළ අතර, එහි නායකයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ රාජපක්ෂලාගේ සිහින සැබෑ කිරීමට හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළ සඳහා එම ප්‍රදේශයට ජලය හරවා යැවීමට මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව ය. මේ සියල්ල, මා ප්‍රමුඛ ආණ්ඩුවේ සාර්ථකත්වයන් හා ජයග්‍රහණ වෙනුවෙන් කිසිදු දේශපාලන පිළිගැනීමක් හෝ  ගෞරවයක් ලබා නොදීමේ උත්සාහයක කොටසක් විය.

එහෙත් 2005 ජනවාරි මාසයේදී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයාය. 2005 ජනවාරි 4 දින අංක 05/0036/039/002 දරන ඔහුගේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ ස්ථිර ජල මුලාශ්‍රයක් නොමැති වීම හේතුවෙන් උමා ඔය ජලය එම ප්‍රදේශයට හරවා යැවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විශේෂ දායකත්වයක් ලබා දුන්නේ ය.

විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය මෙය වන බැවින්, උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ප්‍රථමයෙන්ම, මෙවන් ව්‍යාපෘතීන් තුළින් ජනතාවට ලැබෙන විශාල ප්‍රතිලාභ පිළිගන්නා සහ දෙවනුව, අදාල  ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සොයාගෙන එය මහපොළවේ යතාර්ථයක් බවට පත් කළ ආණ්ඩුවට නිසි පිළිගැනීමක් සහ ඇගයීමක් ලබා දෙන නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සුවිශේෂී අවස්ථාවක් අද අපිට උදාවී ඇත.

*මහින්ද රාජපක්ෂ (පා.) – නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

The post උමා ඔය ව්යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම appeared first on Colombo Telegraph.

You may also like

- colombogazette.com

Former Sri Lankan cricketer Russel Arnold has been named a Multicultural Ambassador by Australia. The former cricketer who won 225 international caps across all 3 formats (1997 – 2007) is now an international cricket commentator and Level 3 High Performance coach. The father of two is a Trustee with the Foundation of Goodness, working to […]

- colombogazette.com

The Chairman of Aura Lanka Group of Companies, Viranjith Thambugala, was arrested and remanded over allegations of financial fraud. The businessman was produced in court and remanded till 27 May. In 2022 the ownership of the Dambulla team in the Lanka Premier League cricket tournament was procured by Aura Lanka Sports Pvt Ltd. (Colombo Gazette)

- island.lk

More than 140 travellers and crew members who were onboard a flight hit by severe turbulence landed in Singapore on a relief flight earlier this morning. Passengers onboard SQ321 which was heading from London to Singapore, recounted scenes of “absolute terror”, with one passenger saying he saw a woman with an “awful gash on her […]

- island.lk

President Ranil Wickremesinghe announced the implementation of a new program aimed at improving the living conditions of retired security forces members. The President highlighted that, in the absence of a dedicated program, some veterans have faced difficult situations and directed the State Minister of Defence, the Ministry of Defence, and the Ranaviru Seva Authority to […]

- colombogazette.com

President Ranil Wickremesinghe has confirmed that the Presidential elections will be held this year. He told his Cabinet that funds have already been allocated to hold the election this year. The Election Commission of Sri Lanka announced recently that the Presidential election will be held on a day between 17th September and 16th October 2024. The […]

- colombogazette.com

A13-year-old Christian girl, Sania Amin, went missing on April 4 after she left home to buy groceries in Anjotar, a village in Pakistan’s Punjab province. Local eyewitnesses reported that three Muslims took her by force and dragged her through the streets. Pakistani police refused to register a “First Information Report” (FIR) for Sania’s abduction. Christian […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc