තලෙයිමන්නාරම දස හැවිරිදි දැරියගේ ඝාතනයට මුරකරුවෙක් අත්අඩංගුවට
තලෙයිමන්නාරම ප්‍රදේශයේ දස හැවිරිදි දැරියක ඝාතනය කළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු දැරිය ජීවත් වූ නිවස අසල පොල්වත්තක මුරකරුවෙක්.
තලෙයි මන්නාරමේ පිහිටි තම මිත්තණියගේ නිවසේ අදාළ දැරිය ජීවත් වුණා.
තම සහෝදර සහෝදරියන් සමඟ ඇය එහි ජීවත්ව ඇත්තේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ පහුසවය සඳහායි.
ඇගේ දෙමාපියන් සිලාවතුර ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටිනවා.
මෙවන් පසුබිමක් යටතේ ඇය තම බාල සහෝදරියට ආහාර රැගෙන ඒම සඳහා පෙරේදා පස්වරුවේ අසල වෙලදසැලකට ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් දැරිය යළි නිවසට නොපැමිණීම සම්බන්ධව මිත්තනිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.
ඇයත් සමඟ පොල් ඉඩමේ මුරකරුද වෙළෙඳසැලට ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වුණේ.
තමා දැරිය වෙළෙඳසැලට කැඳවාගෙන ගිය නමුත් පසුව පොල් ඉඩමට ගිය බවයි එම මුරකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.
එම පුද්ගලයා දැඩිව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙක් බවට ද අනාවරණය වී තිබෙනවා.
පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව දැරිය සොයා පරීක්ෂණ අඛණ්ඩව සිදු කළ අතර එහිදී මිත්තනියගේ නිවසට මීටර් 300 ක් පමණ දුරින් පිහිටි පොල්වත්තක තිබී ඇගේ සිරුර සොයාගෙන තිබුණා.
එම අවස්තාවේදී එම දැරියගේ යටිකය නිරුවත් කර තිබූ බැවින් ඇය ලිංගික අපයෝජනයකට ලක් ව ඇති බවට පොලීසිය සැක පල කරනවා.
ඒ සම්බන්ධව තොරතුරු අනාවරනය කර ගැනීම සඳහා දැරයගේ සිරුර යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගිය බවයි පොලීසිය සඳහන් කළේ.
දැරියගේ ඝාතනය සම්බන්ධව සාධාරණයක් ඉල්ලා තලෙයි මන්නාරම උතුර ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක ද නිරත වුණා.
අදාළ සැකකරු 55 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
The post තලෙයිමන්නාරම දස හැවිරිදි දැරියගේ ඝාතනයට මුරකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.